ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    May, 14, 2024

    2024-03-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙහි මූලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇති අතර, නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

    එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.