May, 21, 2024
ශ්‍රී ලාංකේය මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන HNB FINANCE, සිය නව්‍යකරණ මූල්‍ය සේවාවන් මෙරට ග්‍රාමීය ජනතාව වෙත ගෙන යාම වෙනුවෙන් පසුගියදා සකසුරුවම් හා ණය ගනුුදෙනුු පිළිබද සමූපකාර සමිති (සණස) කිහිපයක් සම`ග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. මෙතෙක් HNB FINANCE,මූල්‍ය සේවාවන් හෝ වෙනත් නව්‍යකරණ මූල්‍ය සේවාවන් අත් නොවි`දි, ඈත ගම් දනව්වල ජීවත් වන ජනතාවට තමන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් HNB FINANCE,හි දායකත්වය තුළින් සපුරා ගැනීමට මෙම අවබෝධතා ගිවිසුම මගින් අවස්ථාව උදා වනු ඇත.
දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාව ස`දහා HNB FINANCE, හි කළමනාකරණ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී චමින්ද ප්‍රභාත් , නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී මධුරංග හීන්කෙන්ද යන මහත්වරුන් ඇතුළු නිළධාරීහුද සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබද සමූපකාර සමිතින්හි ගරු සභාපතිවරුන්, අධ්යක්ෂවරුන් හා කළමනාකරුවන් එක්ව සිටියහ. තවද කොළඹ හා කළුතර දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන උප කොමසාරිස් රුවන් අමරදේව මහතා ප්රමුඛ සමූපකාර දෙපාර්තමේන්තුවේ මූලස්ථාන පරීක්ෂකවරුන් ඇතුලු නිළධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දශක ගණනාවක් පුරා මෙරට ජනතාව වෙනුවෙන් නව්‍යකරණ බැංකු සේවාවන් දියත් කරමින් ජාත්‍යන්තර මට්ටමේ බැංකු සේවාවක් ලබා දෙන HNB හි අනුබද්ධ ආයතනයක් ලෙස HNB FINANCE,හි විශිෂ්ටත්වය සහ වසර 118 ක් පැරණී ශ්‍රී ලාංකේය සමූපකාර සමිති ව්‍යාපාරයේ ක්ෂුද්‍ර මූල්‍යකරණ අත්දැකීම් සම`ගින් ශ්‍රී ලංකාව පුරා විසිරුණු මිලියන 8 කට අධික සාමාජිකයින් වෙත මූල්‍ය සේවාවන් සලසා ගැනීමට මේ තුළින් හැකි වේ. දැනට රට පුරා ක්‍රියාත්මක 13,000කට අධික සණස සමිති සම`ග එක්ව HNB FINANCE සිය මූල්‍ය සේවාවන් ගනුදෙනුකරුවන් වෙත ලබා දෙනු ඇත.
මේ සම්බන්ධයෙන් HNB FINANCE හි කළමනාකරණ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී චමින්ද ප්‍රභාත් මහතා අදහස් දක්වමින් ‘‘සමූපකාර සංකල්පය පිළිබඳව හසල අත්දැකීම් ඇති සණස සමිති සම`ග එක්ව ශ්‍රී ලංකාව පුරා විසිරුණු ග්‍රාමීය ජනතාව වෙත උසස් මූල්‍ය පහසුකම් සලසා දීමට හැකිවීම පිළිබ`දව ඉතාමත් සතුටුයි. සෑම විටම ශ්‍රී ලාංකේය ජනතාව වෙත කාර්යක්ෂම හා සුවපහසු මූල්‍ය සේවාවක් ලබා දෙමින් ඔවුන්ට වඩා හො`ද හෙට දවසක් උදා කර දීමට කැපවන HNB FINANCE විවිධ මූල්‍ය සේවාවන් හරහා ඔවුන්ට ශක්තියක් වීමට කටයුතු කර තිබෙනවා. මෙම සබ`දතාව තුළින් ග්‍රාමීය ජනතාවට තමන්ගේ සණස සමිතිය හරහා එම අසමසම මූල්‍ය සේවාවන් අත් වි`දිය හැකියි. ’’ යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.
මේ යටතේ HNB FINANCE හි රන් ණය පහසුකම්, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් පහසුකම්, ලීසිං, කාඞ්පත් පහසුකම් වැනි මූල්‍ය සේවාවන් රැසක් සණස සමිති හරහා භුක්ති වි`දීමට ග්‍රාමීය ජනතාවට අවස්ථාව සැලසේ. විශේෂයෙන් රන් ණය සේවාවන්හිදී අවම පොලියකට උපරිම අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට හැකි වීම ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය විස`දුම් ස`දහා කදිම අවස්ථාවක් වනු ඇත. එමෙන්ම ස්ථාවර තැන්පතු ස`දහා සුවිශේෂී ඉහළ පොලියක් ලබා ගැනීමටද මේ තුළින් ඔවුන්ට අවස්ථාව උදා වේ. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කොටගත් ග්‍රාමීය ජනතාවට තමන්ට අවශ්‍ය ණය හා ලීසිං පහසුකම් පහසුවෙන් හා කඩිනමින් අවම පොලියක් හා සහනශීලී ආපසු ගෙවීමක් යටතේ සලසා ගැනීමටද මේ තුළිින් අවස්ථාව උදා වීම ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇත.
සී/ස පහළවැව සණස සමිතියේ ගරු සභාපති නීතීඥ කේ.ජී.විජේරත්න මහතා අදහස් දක්වමින් ‘‘ මිලියන 8කට අධික සමූපකාර සමිති සාමාජිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE හි මූල්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් දායක වීමට ලැබීම පිළිබ`දව ඉතා සතුටුයි. මෙය අපගේ ග්‍රාමීය ජනතාවගේ අනාගත දියුණුවේ හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි යැයි මම විශ්වාස කරනවා. HNB FINANCE වැනි ආයතනයක් සම`ග එක් වෙමින් අපගේ සාමාජිකයින්හට තමන්ගේ සියලූ මූල්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අවස්ථාව උදා වන බව මගේ විශ්වාසයයි.’’ යනුවෙන් පවසා සිටින ලදී.
Video Story