May, 21, 2024
ශ්‍රී ලාංකිකයින් වෙත සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් ලබා දීමේ කීර්තිමත් ප්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය Elite ආයතනික සෞඛ්‍ය සේවාවන් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ආයතනික වශයෙන් දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සකස් කරන ලද නිවාරණ සෞඛ්‍ය සේවා පිරිනමමිනි.
වඩා ක්‍රියාකාරී හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග සමඟින් සේවකයින් හා සේවා දායකයින් සවිබල ගැන්වීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කර ඇති මෙම Elite ආයතනික සේවාවන් සාම්ප්‍රදායික වෛද්‍ය ඇගයීම්වලට එහා ගිය විශිෂ්ටත්වයක් සනිටුහන් කරයි. එහිදී අති නවීන රෝග විනිශ්චය තාක්ෂණයන් හා දත්ත පදනම් වූ තීක්ෂණ බුද්ධිය එකට එක් කරමින් එක් එක් පුද්ගලයාට විශේෂ වූ සෞඛ්‍ය අවදානම් හා නිරාවරණ ප්‍රතිකාර අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ‘‘වත්මන් වේගවත් ආයතනික පරිසර ස්වභාවයන් තුළ සේවක යහපැවැත්ම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා. එය ආයතනික සාර්ථකත්වය උදෙසා වන උපාය මාර්ගික අවශ්‍යතාවක් ලෙසද සඳහන් කළ හැකියි. මෙම ප්‍රභූ ආයතනික සේවාවන් සමඟ නිවාරණ ප්‍රතිකාර තුළින් සෞඛ්‍යයෙන් පිරිපුන් ආයතනික සංස්කෘතියක් ඇති කිරීම සඳහා දැනුම සහ අවබෝධය ලබා දෙමින් ආයතනික සෞඛ්‍යය සේවාව නැවත අර්තකතනය කිරීමට අපි කටයුතු කරනවා’’ යනුවෙන් පවසා සිටින ලදී.
මෙම පරිපූර්ණ සෞඛ්‍ය සේවාව ආයතනික වාර්ෂික වෛද්‍ය පහසුකම්, full-body MRI, genetic profiling සහ පුද්ගලාරෝපිත biomarker විශ්ලේෂණ වැනි අති නවීන පරීක්ෂණ ක්රමයන් භාවිත කරනු ලබයි. මෙම නවතම පරීක්ෂණයන් තුළින් පුද්ගලයා තුළ ඇති සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනා ගැනීමට හැකිවන අතර ඒ තුළින් ඔවුන්ට ඒ ඒ කාලයට අවශ්‍ය ප්‍රතිකාර හා ගැලපෙන ආරක්ෂණ සැලසුම් සලසා ගැනීමටද අවකාශ උදා වේ.
ඊට අමතරව මෙම සේවාව සඳහා ආයතනික සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කර ඇති ආහාරමය ප්‍රතිකාර, රක්ෂණ ප්‍රතිකාර සහ පූර්ව රැකියා ප්‍රතිකාර වැනි විශේෂිත ප්‍රතිකාර වැඩසටහන් ඇතුළත් වේ. මෙම මූලික සේවාවන්ට අමතරව ප්‍රථමාධාර පුහුණුව, ඒ ඒ පුද්ගලයා වෙනුවෙන් සකස් කළ ආහාර හා පෝෂණ මාර්ගෝපදේශ මෙන්ම මනා මානසික හා හැඟීම් කළමනාකරණය ප්‍රවර්ධනය සඳහා වන උපදේශන සැසිද අන්තර්ගත වේ.
නවලෝක රෝහල් සමූහයේ අලෙවිකරණ ප්‍රධානී රසිකා තිලකරත්න මහත්මිය සඳහන් කර සිටියේ ‘‘ පුරෝතකන බුද්ධිය හා පුද්ගලාරෝපිත නිවාරණ උපාය මාර්ගයන් තුළින් ආයතන සවිබල ගන්වමින් ආයතනික සෞඛ්‍ය ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ආයතනික සාර්ථකත්වය, දියුණුව සඳහා වන මනා සෞඛ්‍ය යහපැවැත්මක් සහිත පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ වගකීමක් දැරීමට සේවකයින් හා සේවාදායකයින්ට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දීම අපගේ අරමුණයි. ’’ යනුවෙනි.
ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප්රමිතීන් යළි නිර්වචනය කිරීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහයේ කැපවීමෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් වන ෑකසඑැ ආයතනික සේවාව හරහා ආයතනයන්හි වටිනාම වත්කම වන සේවක සේවිකාවන්ගේ දිගුකාලීන සෞඛ්‍යය හා ඔරොත්තු දීමේ හැකියාව සහතික කරමින් කර්මාන්තය තුළ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව සිටියි.
මේ පිළිබඳව විමසීම් හා වේලාවන් වෙන් කර ගැනීම් හා සබඳතාවයන් සඳහා 0115577100 සහ 0761497140 යන ක්ෂණික ඇමතුම් අංකයන් අමතන්න.
Video Story