May, 27, 2024
කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ලීප් ග්ලෝබල් ලින්කර්’ අන්තර්ජාල පහසුකම හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වෙළඳ පොළ වඩාත් පුළුල් කිරීම, ලොවට එළිදැක්වීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා කිව්ඇන්ඩ්ඊ වෙළඳ ප්‍රචාරණ ආයතනය සමග උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට එළඹුනු බව පසුගිය දා කොමර්ෂල් බැංකුව විසින් නිවේදනය කළේය.
කොමර්ෂල් බැංකු ලීප් ග්ලෝබල් ලින්කර්’ යනු බැංකුව විසින් ම මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කරවන ශ්‍රී ලංකාවේ පුරෝගාමී වැඩසටහනකි. එය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ වෙළඳ පොළ අවස්ථා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති අති නවීන ජාලකරණ පද්ධතියකි. ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙ හි සහයෝගය ඇතිව නිර්මාණය කර ඇති මෙම වැඩසටහන ව්‍යවසායකයන් ඩිජිටල්කරණය කිරීමට සහ ව්‍යාපාර මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා සකස් කර ඇත.
තම නිෂ්පාදන සහ සේවා අළෙවියට පහසුකම් සලසමින් කිසිදු වියදමකින් තොරව අන්තර්ජාල වෙළඳසැල් පිහිටුවීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ග්ලෝබල් ලින්කර් වැඩසටහන වඩාත් ඵලදායී කරමින්, කොමර්ෂල් බැංකු ලීප් ග්ලෝබල් ලින්කර් ක්‍රියාත්මක වෙයි. මෙම වැඩසටහන හරහා, ව්‍යාපාරවලට ඔවුන්ගේ පාරිභෝගික පිරිස පුළුල් කිරීමට, ලොව පුරා සිටින ආයෝජකයින් සහ සැපයුම්කරුවන් සමග සම්බන්ධ වීමට, ජාලකරණ අවස්ථාවන් ශක්තිමත් කිරීමට, විදේශ වෙළඳ පොළ තතු දැන ගැනීමට සහ හවුල්කරුවන්ගෙන් සුවිශේෂී වරප්‍රසාද හිමි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව එය, සන්නිවේදනය අදහස් හුවමාරු කර ගැනීම, සහයෝගීතාවය සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා සුරක්ෂිත ඉඩ අවකාශයක් ලබා දෙන්නේ ය.
මෙම සහයෝගීතාවය යටතේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙළඳ පොළ ඉඩ ප්රස්ථා සහ උපාය මාර්ග සංවර්ධනය කිරීම ලීප් සාමාජිකත්වය සහ මාර්ග ගත වෙළඳ පොළ නැතහොත් ඊ-ස්ටෝර්ස් නිර්මාණය කිරීම සහ විශේෂිත අන්තර්ජාල දත්ත සහ ඩිජිටල් පහසුකම් සමග ලීප් ග්ලෝබල් ලින්කර් වැඩසටහන සම්බන්ධීකරණය කිරීම ආදී කටයුතු සඳහා කිව්ඇන්ඩ්ඊ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇත.
කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු/කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක, සහකාර සාමාන්‍යාධිකාරී ගනේෂන් සිවසුබ්‍රමනියම් මහතා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව වර්ධනයට සහය දැක්වීම සඳහා බැංකුවේ අඛණ්ඩ උත්සාහයන් අවධාරණය කරමින් මෙසේ අදහස් දැක්වීය. “කොමර්ෂල් බැංකුවේ අපි අපගේ ගනුදෙනුකරුවන්හට හැකි සෑමවිටම නවීනතම විසඳුම් ලබා දීමට අඛණ්ඩව උත්සාහ කරමු. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථකත්වයට ශක්තිය සැපයීම සඳහා ලීප් ග්ලෝබල් ලින්කර් වැඩසටහන භාවිතා කරන ලෙස අපි ආරාධනා කරමු.”
කිව්ඇන්ඩ්ඊ දශක තුනක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික සන්නාම කිහිපයක ම ප්‍රවර්ධන කටයුතු කරමින් සේවය සපයා ඇත. අද අපි, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය වෙත අප අත්දැකීම් සහ සේවා ව්‍යාප්ත කරමින් අපගේ කාර්යභාරය පුළුල් කිරීම වෙනුවෙන් ඇප කැප වෙමු” කිව්ඇන්ඩ්ඊ හි ප්‍රධාන විධායක නිලධාරී දර්ශන කුමාරවත්ත මහතා පැවසීය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකයට අත්‍යවශ්‍ය ම වී ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ වර්ධනය සහ නවෝත්පාදන කටයුතු සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීම සංවර්ධනය සහ සහයෝගය මේ සමගින් මං සළකුණු තබමින් නව මානයකට රැගෙන යයි.
මෙම වැඩසටහන පිළිබඳ උනන්දුවක් දක්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වැඩි විස්තර සහ සහය සඳහා ළඟම ඇති කොමර්ෂල් බැංකු ශාඛාවේ කළමනාකරු/කළමනාකාරිය සම්බන්ධ කර ගන්න. නැතහොත් කොමර්ෂල් බැංකු වෙබ් අඩවියට පිවිසෙන්න.
කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වී ඇති අතර, ලොව හොඳම බැංකු 1000 ලැයිස්තුවේ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ලෙස කීර්තිමත් ස්ථානයක් හිමිකර ගෙන ඇත. ශ්‍රී ලංකාව පුරා ක්‍රමෝපායිකව ස්ථානගත කර ඇති ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964කින් සමන්විත ආකර්ෂණීය බැංකු සේවා ජාලය හරහා ජනතාවට ලබා දෙන පුළුල් ප්‍රවේශය මෙම විශ්වාසයට සාක්ෂි වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සඳහා වන කැපවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාව තුළ එම කාණ්ඩයේ ප්‍රමුඛතම ණය දෙන්නා ලෙස පෙනී සිටී. මීට අමතරව, බැංකුව රටේ බැංකු ක්ෂේත්රය තුළ ඩිජිටල් නවෝත්පාදනයන් හි නවමු මං පෙත් තනන්නා ලෙස පුරෝගාමීත්වය ලබයි.
ශ්‍රී ලාංකේය බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර මූල්‍ය මං පද්ධතිය කොමර්ෂල් බැංකුව සතු වීම විශේෂත්වයකි. මියන්මාරයේ නෙයි පී ටෝ හි පිහිටුවා ඇති ක්ෂුද්‍ර මූල්‍ය සමාගමත් සමග එම දිග හැරුම බංග්ලාදේශය තුළ ශාඛා 20ක් දක්වා විහිදේ. තවද, බැංකුව මාලදිවයිනේ සැලකිය යුතු බැංකුකරුවෙකු ලෙස ස්ථාපිත වී ඇති අතර, එහි බහුතර කොටස් හිමිකාරීත්වය දරන, පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක් ලෙසින් ද ක්‍රියා කරයි.
ඡායාරූප විස්තරය : කිව්ඇන්ඩ්ඊ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, දර්ශන කුමාරවත්ත මහතා (වමේ) සහ කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී, පුද්ගලික බැංකු/කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක, සිවසුබ්‍රමනියම් ගනේෂන් මහතා (දකුණේ) නවීනතම ‘ලීප් ග්ලෝබල් ලින්කර්’ වැඩසටහන හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ ප්‍රවර්ධන කටයුතු සහ ඩිජිටල් වෙළඳ පොළ හා එක්කර ගැනීම සඳහා අතට අත දෙමින් ගිවිසුමකට එළඹුනු අවස්ථාව. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නංවාලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙ හි ද සහය ඇතිව නිර්මාණය කර ඇති මෙම වැඩසටහන ව්‍යාපාර මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සහ ඔවුන්ගේ ප්‍රවේශය පුළුල් කිරීම සමගින් වෙළඳ පොළ ඉතිහාසයේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ඇත.
Video Story