කොළඹට තවත් ජාත්‍යන්තර හෝටල් සන්නාමයක් හෙට සිට

    May, 31, 2024

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී එහි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් සිටි හෝටෙල් (පුද්ගලික) සමාගම, ජාත්‍යන්තර කීර්තියටපත් හෝටල් මෙහෙයුම්කරුවකු වන Minor Hotels සමඟින් හවුල්කාරීත්වයකට එලඹ තිබේ.

    ඒ අනුව කොළම නගර මධ්‍යයේ ස්ථානගතව ඇති සිය නගර හෝටලය (City Hotel) නව මානයකින් සන්නාමගත කෙරෙන අතර එය හෙට (ජූනි 01) දින සිට NH Colection Colombo Hotel යනුවෙන් නව නාමකරණයකට ලක්කෙරනු ඇත.

    මෙතෙක් කලක් Mövenpick සන්නාමයෙන් ක්‍රියාත්මක වූ මෙම හෝටලය කාමර 219 කින් සමන්විත වේ.

    ලොව පුරා රටවල් 56ක හෝටල් සහ නිවාඩු නිකේතන 550කට අධික ප්‍රමාණයක මෙහෙයුම් සිදුකරනු ලබන Minor Hotels විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ද හෝටල් 3ක මෙහෙයුම් සිදුකරනු ලබයි. Anantara Kalutara Resort, Anantara Peace Haven Tangalle Resort සහ Avani Kalutara Resort එම හෝටල් පරිශ්‍ර තුන වේ.