May, 31, 2024
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5 හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ යන ලදී.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.0 ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී සියයට 0.9ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

Video Story