June, 4, 2024
ජනාධිපතිතුමා ප්රමුඛ රජය මෙම වසර සදහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ඇමරිකානු ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ලබා දුන්නත්, වසරේ මුල් කාර්තුව තුලදී එම ඉලක්කය සපුරා ගැනීමට තම අමාත්‍යාංශය සමත් වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මෙම වසරේ ප්‍රථම කාර්තුව තුල ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජන ගිවිසුම් ගත වු ආයෝජකයන් හමු වූ අවස්ථාවේදීය. මෙහිදී එම ආයෝජකයින්ගේ ව්‍යාපාර පිළිබද පසු විපරම් කිරීම සිදු කෙරුණු අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු පිළිබදවද සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 පළමු කාර්තුවේදී ඇ.ඩො. බිලියන 1ක ආයෝජන ඉලක්කය සපුරා ගැනීමේදී අදානි සමාගමේ ඇ.ඩො. මිලියන 820 ක ආයෝජනය සහ ඇ.ඩො. මිලියන 320ක් වටිනා තවත් ව්‍යාපෘති ගනනාවක් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගත වි ඇත.
මෙම අවස්ථාවට සහභාගී වු ආයෝජකයන් පැවසුවේ තම ව්‍යාපෘති කෙටි කලක් තුල ආරම්භ කරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි .
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා, පැමිණි ආයෝජකයන් සියල්ල තමා හා පවසා සිටියේ තම ව්‍යාපෘති බාධාවකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි වුයේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය නිසා බව පැවසීය.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය අදහස් දක්වමින්, ආයෝජකයින්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් IFC ආයතනය (ආයෝජකයන් සඳහා පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය) මේ වනවිටත් නිරතුරුව මැදිහත් වන බව පැවසුවාය. ආයෝජකයන්ගේ සියළුම ගැටළු නිරාකරණය කරගත හැකි වන ලෙස සියලුම රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය IFC ආයතනය තුලින් සිදු කරන බවද වීරකෝන් මහත්මිය පැවසුවාය.
Video Story