‘ශ්‍රීලංකන් කාගෝ’ සිය පාරිභෝගිකයන් සඳහා නව පහසුකම් රැසක් හඳුන්වා දෙයි

    June, 5, 2024

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), විසින් සේවා පහසුකම් ලබාදීමේ නව සේවා මාදිලිය සහ ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවිය සිය පාරිභෝගිකයින්ගේ  සහභාගීත්වයෙන් පසුගියදා එළිදක්වන ලදී. සතියේ දින හතම පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකයක් , වඩා හොඳ සේවාවක් සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවියක් මෙනම නව සේවා මාදිලිය තුලින් පාරිභෝගිකයන්ට සිය භාණ්ඩ බෙදාහැරීමේ දී ස්ථාවර සහ උසස් සේවාවක් ලබා දීම සඳහා  Freshness Class, Wellness Class, Precious Class සහ Guardian Class ලෙස නව සේවා වර්ගීකරණයක් හඳුන්වාදී තිබෙනවා.

    “ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය හඹා යාමේදී අපගේ සාමූහික  කැපවීම සහ නිර්මාණශීලිත්වයේ උච්චතම අවස්ථාව වන  අපගේ මෙම නවෝත්පාදනය ඉදිරිපත් කිරීමට හැකීවීම පිළිබඳව  අපි සතුටු වන්නෙමු. ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), නව ප්‍රමිතීන් සකස් කරමින් තම පාරිභෝගිකයින්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් උනන්දු වන අතර, සුහදශීලී හා ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබා දීම අපගේ අරමුණයි." ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී  චමින්ද පෙරේරා මහතා පැවසී ය.

    ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේදී ආරම්භයේ සිට අවසානය දක්වා වූ ක්‍රියාවලියේ  නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා බෙදාහැරීම සේවා කාණ්ඩ 04 කට වර්ගීකරණය කර ඇත. Freshness Class සහ Wellness Class කාණ්ඩ යටතේ පිළිවෙලින් භාණ්ඩවල නැවුම්බව සහ සුවතාවය සංරක්ෂණය කිරීම සඳහා ප්‍රමුඛ හා වේගවත් සේවයක් ලබා දෙයි. වටිනා භාණ්ඩ සඳහා ඉහළම ආරක්ෂාවක් ලබා දීමට සඳහා Precious Class කාණ්ඩය යටතේ සේවා සපයන අතර Guardian Class කාණ්ඩය යටතේ සුරතල් සතුන් සහ අනෙකුත් සතුන් ගුවන් මඟින් ප්‍රවාහනයේදී අවශ්‍ය සියලු සුවපහසුව සහ රැකවරණය සැපයීම සිදු කරයි.

    සතියේ දින හතම පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය (+94197 33 3344) ඔස්සේ පාරිභෝගිකයින්ට දැන් දවසේ ඕනෑම වේලාවක ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) අංශය හා සම්බන්ධ විය හැකිය. එමඟින් සිය භාණ්ඩ පිළිබඳව නිරන්තර යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) වෙබ් අඩවිය මඟින් පාරිභෝගිකයින්ට භාණ්ඩ තොග ප්‍රවහනය කිරීම සඳහා අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගත හැකිය.

    “ජාතික ගුවන් සේවය ඔවුන් මුහුණ දෙන සියලුම අභියෝග මධ්‍යයේ මෙම අගය එකතු කළ සේවා පහසුකම් හා නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ ශක්තිමත් ලෙස ඉදිරියට යෑම දැකීම සතුටක්. ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo),  සිය මෙහෙයුම් සාර්ථකත්වයේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් ඉදිරියට යනු ඇත. ඔවුන්ට සුබපැතීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි." යනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වූ Hayleys Advantis හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) මේ වනවිට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. තම හවුල්කරුවන් සමග එක් වී මාර්ගස්ථ ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ. වැඩි විස්තර සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.

    වටිනා භාණ්ඩ සඳහා ඉහළම ආරක්ෂාවක් ලබා දීමට සඳහා Precious Class කාණ්ඩය යටතේ සේවා සැපයීම සිදු කරයි

    Freshness Class සහ Wellness Class කාණ්ඩ යටතේ පිළිවෙලින් භාණ්ඩවල නැවුම්බව සහ සුවතාවය සංරක්ෂණය කිරීම සඳහා ප්රමුඛ හා වේගවත් සේවයක් ලබා දෙයි

    Freshness Class සහ Wellness Class කාණ්ඩ යටතේ පිළිවෙලින් භාණ්ඩවල නැවුම්බව සහ සුවතාවය සංරක්ෂණය කිරීම සඳහා ප්රමුඛ හා වේගවත් සේවයක් ලබා දෙයි

    Guardian Class කාණ්ඩය යටතේ සුරතල් සතුන් සහ අනෙකුත් සතුන් ගුවන් මඟින් ප්රවාහනයේදී අවශ්ය සියලු සුවපහසුව සහ රැකවරණය සැපයීම සිදු කරයි

     

    ඡායාරූප විස්තරය : ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) විසින් වඩා හොඳ සේවාවක් සඳහා ප්රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවියක් මෙනම නව සේවා මාදිලිය තුලින් පාරිභෝගිකයන්ට සිය භාණ්ඩ බෙදාහැරීමේ දී ස්ථාවර සහ උසස් සේවාවක් ලබා දීම සඳහා  Freshness Class, Wellness Class, Precious Class සහ Guardian Class ලෙස නව සේවා වර්ගීකරණයක් හඳුන්වාදී තිබෙනවා.