June, 5, 2024
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත සැපයීම සඳහා මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව යමින් මෙරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා United Petroleum Lanka (පුද්) සමාගම ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුම්ගත වී තිබේ.
මූලික වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 27.5 ක ආයෝජනයක් United Petroleum මෙහිදී සිදුකරනු ලබන අතර මේ වන විට ඔවුන් වෙත දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150 ක මෙහෙයුම් හිමිකාරීත්වය පවරා ඇත. මීට අමතරව තවත් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඇරඹීමට ද United Petroleum වෙත අවසර හිමිව තිබේ.




Video Story