රු. බිලියන 2.5 ක ආයෝජනයකින් ලංකෙම් සිලෝන් වෙතින් නව පොහොර කර්මාන්තශාලාවක්

    June, 7, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් සිලෝන් පීඑල්සී විසින් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ නව පොහොර කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී.

    මෙම ව්‍යාපෘතිය සඳහා ලංකමේ සිලෝන් පීඑල්සී විසින් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලංකෙම් මිනරල් ලිමිටඩ් පසුගිය 2023 ඔක්තෝබර් 31 දින සංස්ථාපනය කර තිබේ.

    අදාළ ව්‍යාපෘතියේ මූලික අදියර වෙනුවෙන් ප්‍රාග්ධන හා මූලික කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා රු. බිලියන 2.5 ක ආයෝජනයක් ඇස්තමේන්තුගත කර ඇත.

    විශේෂයෙන්ම බහු වාර්ෂික නොවන බෝග සඳහා අවශ්‍ය කෙරෙන කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සපුරාලීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

    මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදිත, අලෙවිකරණ හා බෙදාහැරීමේ කටයුතු ලංකෙම් සිලෝන් පීඑල්සී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සන්ඇග්‍රෝ ලයිෆ්සයන්ස් ලිමිටඩ් විසින් සමාගමේ දැනට පවතින බෙදාහැරීමේ ජාලය හරහා සිදුකිරීමට නියමිතය.

    ලංකෙම් සිලෝන් වැඩිදුරටත් පවසන්නේ මෙම වසර අවසානය වන විට මෙම නව කර්මාන්තශාලාවේ වානිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.