මැයි මාසයේ දී විදෙස් සංචිතයේ සුළු අඩුවීමක්

    June, 7, 2024

    පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9% ක සුළු පහළ යාමකි.

    නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,389 සිට ඩොලර් මිලියන 5,367 ක් දක්වා 0.4% කින් මෙහිදී පහළ ගොස් තිබේ.