June, 12, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට (13) දිනයේ දී රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ.
වාර්තා වන අන්දමට මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ දිනක් තුළ පැවැත්වෙන විශාලතම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය වේ.
පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වේ.
එහිදී,
2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්,
2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක් සහ
2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක්
ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණි.

Video Story