Aditya Birla සමාගමට තෙල් සංස්ථාවෙන් පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්

    June, 13, 2024

    2024-07-15 සිට 2025-01-14 දින දක්වා මාස 06ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් 92 Unl බැරල් මිලියන 1.5 +/-5% සපයා ගැනීම සඳහා එම සංස්ථවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත.
    ස්ථාවර තාක්ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd. වෙත පිරිනැමීම නිර්දේශ කර තිබේ.
    ඒ අනුව, එම සමාගම වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.