සංචාරක පැමිණීම 959,391 දක්වා ඉහළට

    June, 19, 2024

    2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 959,391 ලෙසයි.

    ජුනි මාසයේ පළමු දින 17 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.3% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 17,102 කි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 5,070 ක්, චීනයෙන් 4,381 ක් සහ මාලදිවයිනෙන් 3,657 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.