ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ WealthOS සමාගමට එක්සත් රාජධානියේ පවුම් මිලියන 4ක ආයෝජනයක්

    June, 20, 2024

    ශ්රී ලාංකික ව්යවසායකයින් දෙදෙනෙකු වන ඇන්ටන් පද්මසිරි සහ චමත් අරඹවෙල විසින් ආරම්භ කරන ලද ශ්රී ලංකාවේ මෘදුකාංග නිපැයුම් හා මෙහෙයුම් පවත්වාගෙන යන එක්සත් රාජධානියේ ක්ලවුඩ් පරිගණන ධන කළමනාකරණ වේදිකාවක් (cloud-native wealth management platform) වන WealthOS සමාගම, මෑතකදී එක්සත් රාජධානියේ බාර්ක්ලේස් බැංකුව සහ ජාත්යන්තර ආයෝජන සමාගමක් වන Capricorn Capital Partners UK Limited හි අංගයක් වන Main Set ආයතනය තුලින් පවුම් මිලියන 4 ක ආයෝජනයක් රැස්කරගැනීමට සමත් විය.

    ධනතාක්ෂණ (wealthtech) අවකාශය නවීකරණය කිරීමේ අපගේ මෙහෙවරට සැමවිටම අතදෙන, මෙම ආයතන වලට වඩා හොඳ ආයෝජකයින් කණ්ඩායමක් මට සිතාගන්නවත් බැහැ. තම ගණුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි කේන්ද්රගත විශේෂිත ධන කළමනාකරණ නිෂ්පාදන ලබාදීමට ආයතනවලට සහය වනවා පමණක් නොව, එය අධික වේගයෙන් සහ පිරිවැය කාර්යක්ෂමතාවයෙන් සිදු කරන්නේ කෙසේද යන්න වෙළඳපොළට හඳුන්වාදීම පිළිබඳව මා ඉතාමත් උද්යෝගයෙන් සිටිනවා." යැයි WealthOSහි නිර්මාතෘ හා ප්රධාන විධායක නිලධාරී ඇන්ටන් පද්මසිරි පැවසුවේය.

    සමාගමේ මෘදුකාංග මුළුමනින්ම ශ්රී ලංකාව තුළ නිර්මාණය වන අතර, දේශීය මෘදුකාංග ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය සහ දැනුම ප්රයෝජනයට ගනිමින්, සමාගමේ කොළඹ පිහිටා ඇති මෘදුකාංග සංවර්ධන මධ්යස්ථානයෙන් ක්රියාත්මක වේ. මෙම නව ආයෝජනය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීම, බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම සහ දේශීය දක්ෂතා හොඳම ජාත්‍යන්තර මෙහෙයුම් හා භාවිතයන් වෙත යොමුකිරීම සඳහා යොදාගැනෙනු අතර, මෙමඟින් දේශීය ආර්ථිකයට සෘජු විදේශ ආයෝජනයක්ද ලබාදෙයි.

    WealthOS යනු ව්යාපාර ගණයේ වලාකුළු පරිගණන මූලික ධන කළමනාකරණ සේවාවන් සපයන මෘදුකාංග යෙදුමකි. ධන කළමනාකරණය වෙත සැමගේ ප්‍රවේශය පහසු කරමින්, වේගවත්, බාධාවකින් තොර ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කිරීම, සමාගමේ මෙහෙවර වන්නේය. සම්පූර්ණයෙන්ම වලාකුළු පරිගණන  සහ serverless තාක්ෂණය මත ගොඩනගා ඇති WealthOS සේවය, ප්රාග්ධන කළමනාකරුවන්ට උසස් තත්වයේ ඩිජිටල් විසඳුම් වේගවත්, ලාභදායී සහ වඩාත්  හොඳින් දියත් කිරීමට ඉඩ සලසන පූර්ණ මෘදුකාංග කට්ටලයක් ඉදිරිපත් කරයි.

    WealthOSහි තම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් ප්රකාශ කළ Barclays හි මූලික ආයෝජන සම්බන්ධ සම-ප්රධානී ඇන්ඩ්රූ චැලස්  පැවසුවේ WealthOS කණ්ඩායම ඉතා දක්ෂ වන අතර වාර්තාගත කාලයකදී වාණිජ සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා ඔවුන් ලද ආයෝජන උපයෝගී කර තිබෙන බවයි. මෙහිදී තම අදහස් එක්කළ Main Set හි නිර්මාතෘ සහ කළමණාකාර හවුල්කරු වන යොටෝ යොටොෆ්පවසා සිටියේ WealthOS කණ්ඩායම ධන කළමනාකරණ, විශ්රාම කළමනාකරණ සහ ඉතුරුම් සමාගම් විසින් භාවිතා කිරීමට යෝග් නිෂ්පාදනයක් ගොඩනගා ඇති බවත් එහි ආරම්භක කණ්ඩායමේ දැනුම, ලැදිබව සහ අත්දැකීම් ඔවුන්ව තවත් ආකර්ෂණීය කරනබවත් .