කෝටි 5කට විකුණූ සමාගම මෙන්න

    June, 25, 2024

    මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන Brown and Company PLC විසින් සිය අනුබද්ධ සමාගමක් වූ Browns Fabric Limited හි 100% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව නිවේදනය කර සිටී.

    පසුගිය ජූනි 20 වන දින මෙම ගනුදෙනුව සම්පූර්ණ කර ඇත.

    මෙහිදී Browns Fabric Limited සමාගම මිල දී ගෙන ඇත්තේ Ceylon Knit Trend (Private) Limited විසිනි.

    රු. මිලියන 50 ක මෙම ගනුදෙනුව සිදුකෙරුණු බව Brown and Company PLC වැඩිදුරටත් සඳහන් කරයි.

    පන්නල පිහිටි පේෂකර්මාන්ත ශාලාවක මෙහෙයුම් කටයුතු Browns Fabric Limited විසින් සිදුකරගෙන යනු ලබයි.