June, 26, 2024
විදේශ අධ්‍යාපනය පිළිබඳ වසර 16 කට වැඩි පළපුරුද්දක් ඇති, පුරෝගාමී අධ්‍යාපන උපදේශකයෙකු වන i-Ed Australia විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා විවෘත දිනයක් පැවැත්වීය. විවෘත දිනය 2024 මැයි මස 11 වන සෙනසුරාදා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වූ අතර, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්‍යාලවල නියෝජිතයින් සහභාගී විය.
මෙම වැඩසටහන මාධ්‍ය හමුවකින් ආරම්භ වූ අතර එහිදී විශ්ව විද්‍යාල නියෝජිතයින් සහ අනාගත සිසුන් I-Ed Australia අධ්යක්ෂ-මෙහෙයුම් ධම්මික විජේරත්න මහතා විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ CQ විශ්ව විද්‍යාලයේ ප්‍රවේශ නිලධාරී ශෝභග්යා ෂර්මා, දකුණු ආසියා අධ්‍යයන කණ්ඩායම සඳහා අධ්‍යාපන බඳවා ගැනීමේ අධ්‍යක්ෂිකා ශ්‍රීනි බණ්ඩාර සහ කැනඩා බටහිර විශ්ව විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා සහකාර අධ්‍යක්ෂිකා බොදිනි මොල්ලිගොඩ, තම රටේ ප්‍රතිපත්ති, වත්මන් වැඩසටහන් සහ ඔවුන්ගේ විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වූහ.
ඊළඟට i-Ed Australia හරහා සාර්ථකව ස්ථානගත කර ඇති සිසුන්ගේ සමස්ත සංඛ්‍යාලේඛන පිළිබඳ ඉදිරිපත් කිරීමක් තිළිණ රාජපක්ෂ-ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු විසින් ලබා දෙන ලදී. I-Ed Australia ආදි ශිෂ්‍යයින් වන ඉමේෂා ද සිල්වා, නදීෂා ප්‍රනාන්දු සහ සදලි මාරසිංහද නව අයදුම්කරුවන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ගේ සාර්ථකත්වයේ කථා බෙදා ගත්හ.
විශ්ව විද්‍යාල නියෝජිතයින් රාශියක් විවෘත දිනයට සහභාගී වූ අතර, හුදෙක් සුදුසු වැඩසටහන් සාකච්ඡා කිරීමෙන් ඔබ්බට ගිය අමිල අවබෝධයක් ලබා දුන්හ. මෙම විශේෂඥයින් ශිෂ්‍යත්ව අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළ අතර අව්‍යාජ ශිෂ්‍ය (GS) නිර්ණායක, මූල්‍ය පූර්වාවශ්‍යතා සහ විදේශයන්හි ඉගෙනීම සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා අවශ්‍යතා වැනි අත්‍යවශ්‍ය අංශ පිළිබඳ මාර්ගෝපදේශ ලබා දුන්නේය.





Video Story