ජූනි මාසයේ දී රුපියල පසුබසී

    July, 1, 2024

    2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් අතිප්‍රමාණය වුවද, ශ්‍රී ලංකා රුපියල 2024 ජූනි මාසය තුළ දී අවප්‍රමාණය වීමක් වාර්තා කළේය.

    2024 වසරේ ජූනි මස 28 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.0කින් අතිප්‍රමාණය විය.

    කෙසේවෙතත් මැයි සහ ජූනි මාසවල දී රුපියල පිළිවෙලින් සියයට 1.7 කින් සහ සියයට 1.2කින් අවප්‍රමාණය වී ඇත.

    මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ ජූනි මස 28 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2024 මැයි මස විදේශ අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙ හි මේ බව සඳහන් වේ.