July, 2, 2024
ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් දුනුවායෙකු වන වසන්ත කුමාර, තුර්කියේ පැවති දුනු විදීමේ ලෝක කුසලාන තරඟාවලියට Compound අංශයෙන් සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔහුගේ නම සනිටුහන් කිරීමට සමත් විය.
ශ්‍රී ලාංකික නාමය ලෝකය ඉදිරියේ බබළවමින්, ශ්‍රී ලාංකිකයෙකු මෙම කීර්තිමත් ඉසව්වට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි.
දුනු විදීමේ ලෝක කුසලානය යනු ලොව පුරා සිටින ඉහළම තරඟකරුවන් සහභාගී වන ක්‍රීඩා ඉසව්වක් වන අතර, වසන්තගේ සහභාගීත්වය මගින් ශ්‍රී ලංකාවේ දුනු ශිල්පීන්ගේ දක්ෂතාවය ලෝකය හමුවේ ප්‍රදර්ශනය විය.
මේ සඳහා ලින්ක් සමහන් අනුග්‍රාහකයෙකු වූ අතර විවිධ ක්‍රීඩා සඳහා ආධාර කරමින් ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩා ක්ශේත්‍රයම වැඩි දියුණු කිරීම ඔවුන්ගේ එක් අරමුණක් වී තිබේ.
ක්‍රීඩාව වෙනුවෙන් ලින්ක් සමහන් දක්වන මේ අනුග්‍රහය, වසන්ත වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් දැක්වීම උදෙසා උපකාර කරනවා පමණක් නොව විවිධ ක්‍රීඩා ඉසව්වල සංවර්ධනයට ද දක්වන්නේ ඉමහත් සහයකි.
දුනු විදීමේ ලෝක කුසලානයට වසන්ත කුමාරගේ සහභාගීත්වය, අනාගත ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ජාත්‍යාන්තර වේදිකාව වෙත මග පාදා දෙන්නේ ශ්‍රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ බබළවමිනි.



Video Story