July, 8, 2024
පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු හැකියාවන් රැසක් ඉස්මතු කරන ලදී.
"ශ්‍රී ලංකාවේ බහුලව තිබෙන සූර්ය, සුළං සහ ජල සම්පත තුළින් තරඟකාරී හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ මනා හැකියාවක් තිබෙනවා. එමෙන්ම එම ක්‍රියාවලියේදී හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අතුරු නිෂ්පාදන නිර්මාණය කිරීමට මෙන්ම ඒවා අපනයනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම ඔස්සේ රටට අතිරික්ත ආදායමක් උපයා ගත හැකියි. එමඟින් ජනතාවට ප්‍රතිලාභ ලබා ගත හැකියි." යනුවෙන් මෙහිදී සර්දානා මහතා අවධාරණය කළේය.
Video Story