තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

    July, 8, 2024

    බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී හෝ පවත්වාගෙන යෑමේ දී තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනිවාර්ය කරන ලද අනන්‍ය හඳුනාගැනීමේ අංක භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    මෙලෙස හඳුනාගැනීමේ අංක ලෙස මහ බැංකුව සඳහන් කර ඇත්තේ ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, සමාගම් ලියාපදිංචි අංකය, ව්‍යාපාර ලියාපදිංචි අංකය යනාදියයි.

    මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.