July, 9, 2024
වසර 15ක් මාවනැල්ල සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට සේවය කළ මාවනැල්ල වෛද්‍ය මධ්‍යස්ථානය, වසරේ හොඳම සෞඛ්‍ය සහ සුවතාව සඳහා පිළිවෙළින් ගෝල්ෆේස් හෝටලයේ , රමාඩා හෝටලයේ සහ පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදි පැවති 2024 වසරේ පිනකල් සම්මානය , ප්‍රයිඩ් ඔෆ් ද නේෂන් සම්මානය සහ ඒෂියා මිරකල් සම්මානය දිනා ගත්තේය.
මාවනැල්ල වෛද්‍ය සායනයේ අධිපති වෛද්‍ය කමල් ධර්මවංශ මහතා මාවනැල්ල වෛද්‍ය මධ්‍යස්ථානය මීට වසර 7 කට පෙර ආරම්භ කළ අතර, එම මධ්‍යස්ථානය ප්‍රදේශයේ රෝගීන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා සැපයීම අඛණ්ඩව සිදු කිරීම මෙම වටිනා සම්මාන සඳහා හේතු විය.
සංගීතයට දැඩි ඇල්මක් දක්වන මාවනැල්ල වෛද්‍ය මධ්‍යස්ථානයේ නිර්මාතෘ වෛද්‍ය කමල් ධර්මවංශ මහතා මාවනැල්ල වෛද්‍ය මධ්‍යස්ථානයට ලැබුණු මෙම සම්මාන පිළිබඳව තමන් ආඩම්බර වන බවත් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදු කරන මහඟු සේවාව ඉදිරියටත් ගෙන යාමට සපථ කරන බවත් පැවසීය.
තම ප්‍රදේශයේ මෙන්ම ඕනෑම ප්‍රදේශයක ජීවත්වන රෝගී ජනතාව වෙනුවෙන් තමා මෙතෙක් දී ඇති සහන සේවාවන් එලෙසම ඉදිරියටත් කරගෙනු යනු ලබන බවද අවසාන වශයෙන් පවසන ලදි.
Video Story