2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දීල තිරසාරකත්ව දායකත්වය වෙනුවෙන් Hirdaramani Apparel ඇගයීමට පාත්‍රවෙයි

    July, 17, 2024

    ඇඟලුම් කර්මාන්ත අංශයේ රන් සම්මානය සහ වෙනත් සම්මාන රැසක්

    ශ්‍රී ලංකාවේ තිරසාරභාවයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තහවුරු කරගනිමින්ල 2024 ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී ඇඟලුම් කර්මාන්ත අංශයේ රන් සම්මානය Hirdaramani Apparel සමාගම විසින් හිමිකර ගන්නා ලදි. මෙම ඉහළම සම්මානය හිමිවූයේ, සමාගමේ මිහිල ආයතනය වෙනුවෙනි. Hirdaramani ජා ඇල Sithro (සේදුම්) සහ Hirdaramani සීතාවක (සේදුම්) යන සමාගමේ ආයතනයන්ටද Textile Processing Sector අංශයේ රිදී සහ ලෝකඩ සම්මාන පිළිවෙළින් හිමිවිය. තවද, ඇඟලුම් කර්මාන්ත අංශයේ Hirdaramaniකුරුවිට ආයතනය ද කුසලතා සම්මානයක් හිමිකරගනිමින්, Hirdaramaniසමූහයට හිමි මුළු සම්මාන ගණන හතරක් දක්වා ඉහළ නංවන්නට සමත්විය.

    ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Hirdaramani සමූහයේ අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රමානි මහතා දැක්වූයේ මෙවන් අදහසකි. "තිරසාරභාවය සඳහා අපගේ උත්සාහයන් යළි යළිත් සනාථ කරමින්  2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍රවීමට ලැබීම ගැන අප නිහතමානීව සතුටට පත්වෙනවා. Hirdaramani හි, තිරසාරභාවය යනු ජීවන මාර්ගයක් මෙන්ම, අඛණ්ඩ වැඩිදියුණු වන ගමන්මඟක් ද, 2025 අපගේ Future   First Sustainability Roadmap 2025 හරහා මෙය ක්‍රියාවට නැංවීම අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක ගමනක් බවට පත්වී තිබෙනවා. අපගේ සමාගමේ සාමාජිකයින් අපගේ ව්‍යාපාරය, අප වටා ගොඩ නැගී ඇති සමාජය, හා පරිසරය අදාළ තිරසාරකත්ව අරමුණු ජයග්‍රහණය කිරීමට කැපවීමෙන් සුදානමින් සිටින අතර, මෙවැනි ඇගයීම් මගින්ල අප ප්‍රබෝධයට පත් වී, යහපත් අනාගතයක් උදෙසා වන අපගේ දැක්ම හා ක්‍රියාවන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම තහවුරු කරනු ඇත".

    වඩා යහපත් අනාගතයක් හැඩගස්වීමෙහිලා අද දවසේදී වගකීම් සහගත තේරීම් සිදු කිරීමට සංවිධානයේ කැපවීම ශක්තිමත් කිරීම, Hirdaramani හි Future First Sustainability Roadmap 2025 හරහා සිදුවෙයි. Future  First කුළුණු හතරක් මත පදනම්ව ගොඩනැඟී ඇත. එනම්, පරිසරය සංරක්ෂණය කිරීම අපගේ සාමාජිකයින් සවිබල ගැන්වීම, අපගේ ප්‍රජාවන්ට සහාය වීම, සහ හොඳ තේරීම් කෙරෙහි විශ්වාසය තැබීමයි. සාමූහික පාර්ශවකරුවන්ගේ වටිනාකම් අවබෝධ කර ගනිමින්, තිරසාරත්වයේ ගෝලීය මිණුම් සලකුණක් වීමට සමාගමේ අභිලාෂයන් වෙත වේගයෙන් ගෙනයන පාරිසරික, සමාජීය සහ පාලන ඉලක්ක ලැයිස්තුවක් මෙම Future First Sustainability Roadmap  2025 තුළින් ගෙනහැර දක්වයි. එක්ව, අඛණ්ඩ ප්‍රගතියක් කරා යන ගමනේ දී සිය ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සහ තිරසාරව හා වගකීම් සහගත ලෙස එය සිදු කිරීමට Hirdaramani ආයතනය කටයුතු කරයි.

    මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද ජනාධිපති පරිසර සම්මාන උළෙල 2024, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.