කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළට

    July, 18, 2024

    ඊයේ (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයේ දී විදෙස් ආයෝජකයින්ගෙන් ඉහළ සක්‍රීය දායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.

    රු. බිලියන 1.23 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී වාර්තා වූ අතර එහිදී සමස්ත පිරිවැටුමෙන් 58% කට වැඩි ප්‍රමාණයක්, එනම් රු. මිලියන 727 ක් විදේශීය මිල දී ගැනීම් ලෙසින් සටහන් වී තිබේ. එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 511 ක් ලෙසින් සටහන්ව ඇත.

    මේ අතර ඊයේ දිනයේ දී දේශීය විකිණුම් රු. මිලියන 904 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 334 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ සමඟම 2024 ජූලි මාසය තුළ දී රු. බිලියන 3 ඉක්මවූ ශුද්ධ විදේශීය ගලා ඒමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී ඇත.