July, 18, 2024
මෙම සතිය තුළ අඛණ්ව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (18) දිනයේ දී වාර්තා විය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 62.03 කින් පහළ ගොස් ඒකක 11,768.45 ක් ලෙසත්, S&P SL 20 දර්ශක අගය ඒකක 17.48 කින් පහළ ගොස් ඒකක 3,439.46 ක් ලෙසත් සටහන් විය.
අද දින ගනුදෙනු පිරිවැටුම ර. බිලියන 1.12 ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී රු. මිලියන 545 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබීම විශේෂත්වයකි. අද දින විදේශීය විකිණුම් රු. මිලියන 91 ක් ලෙසින් සටහන්ව ඇති අතර ඒ අනුව රු. මිලියන 454 ක ශුද්ධ විදේශීය ගලාඒමක් අද දින වාර්තා වී තිබේ. ඊයේ (17) දිනයේ දීද රු. මිලියන 391 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.
මේ අතර අද දින දේශීය මිල දී ගැනීම් රු. මිලියන 580 ක් හා දේශීය විකුණුම් රු. බිලියන 1.03 ක් ලෙසින් සටහන් වී ඇත.
අද දින මිල දර්ශකවල පහළ යාමට මෙල්ස්ටාකෝප්, ශ්‍රී ලංකා ටෙලිකොම්, NDB බැංකුව, හේලීස් සහ කොමර්ෂල් බැංකුව යන සමාගම් වල කොටස් මිල පහළ යාම් වැඩි වශයෙන් හේතු වී තිබුණි.
