ගෝලීය තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයටත් බලපෑම්

    July, 19, 2024

    සිය අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදු වූ  තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ හේතුවෙන් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටින බවයි.

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට (GMT 08:30) මෙම තාක්ෂණික දෝෂය  සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබෙන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි අපගේ ගෝලීය සම්බන්ධතා මධ්යස්ථානය අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවාය සිය පාරිභෝගික මගී ජනතාවගෙන් ඉල්ලා සිටී.