May, 12, 2016
MA’s Food Processing සමාගම මගින් සංවිධානය කළ Ma’s ක්‍රීඩා දිනය පසුගියදා දඹුල්ලේ දී පැවැත්වුණි. දඹුල්ලේ පිහිටා තිබෙන Ma’s ප්‍රධාන නිෂ්පාදනාගාරය, මිනුවන්ගොඩ පිහිටා තිබෙන පොල් කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කිලිනොච්චිය පිහිටා තිබෙන Ma’s කර්මාන්තශාලාව හා කොළඹ ප්‍රධාන කාර්යාලය නියෝජනය කළ Ma’s කාර්යමණ්ඩල සාමාජිකයෝ බොහෝ දෙනෙකු මෙහි පැවති ක්‍රීඩාවන්ට සිය සක්‍රිය දායකත්වය ලබාදුන්හ.
Ma’s සමාගම ප්‍රජාව තිරසාර ලෙස සවිබල ගැන්වීමේ කාලීන අවශ්‍යතාවය මැනවින් හඳුනාගෙන ඇත. එම අරමුණ පෙරදැරිව දඹුල්ල හා මිනුවන්ගොඩ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන සිය කාර්යමණ්ඩල සාමාජිකයින් 300 කට අධික ප්රමාණයකගේ ජීවන තත්වය සවිබල ගැන්වීම වෙනුවෙන් වූ සුවිශේෂී වැඩසටහන් ගණනාවක් Ma’s සමාගම දියත් කර ඇත.
Video Story