July, 22, 2024
ජූලි මාසයේ පළමු දින 18 තුළ දී 109,393 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,119,642ක් ලෙසිනි.
ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයිගෙන් 25.2% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 27,574ක් ලෙසයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 10,866ක්, චීනයෙන් 6,779ක්, ජර්මනියන් 5,757ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

