July, 23, 2024
නෙස්ලේ ලංකා සමාගම සිය ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගියදා ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් සපිරි නිෂ්පාදනයන් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ලබා දීමේ නෙස්ලේ සමාගමේ අරමුණු සමඟ අත්වැල් බැඳගත් විවිධ ව්‍යාපාරික හවුල්කරුවන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
වසර 115කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නෙස්ලේ ලංකා සමාගම සිය විශ්වාසවන්ත හවුල්කරුවන් සමඟ එක් වෙමින් වත්මන් ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාවගේ මෙන්ම අනාගත පරපුරේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදනයන් ලබා දීමට කැපවී කටයුතු කරයි. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ විශාලතම ආහාර පාන සැපයුම්කරු ලෙස මෙන්ම ජනප‍්‍රිය සන්නාම රැසක උරුමකරු ලෙස ළදරුවාගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකටම ගැලපෙන රසවත් හා පෝෂණීය ආහාර පාන සැපයීමට නෙස්ලේ ලංකා කටයුතු කරනු ලබයි. ගොවිපලේ සිට පරිභෝජනය දක්වා සෑම පියවරකදීම ඉහළම තත්ව ප‍්‍රමිතීන් පවත්වාගෙන යාමට කටයුතු කර ඇති නෙස්ලේ ලංකා සමාගම ඒ වෙනුවෙන් සිය ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ශක්තිය හා සහයෝගය ලබා ගැනීමටද කටයුතු කර ඇත්තේ උසස් තත්වයේ නිෂ්පාදනයන් පාරිභෝගිකයින් වෙත තිළිණ කරමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සදහන් කර සිටියේ ‘‘අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ නිරන්තර විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කරන අප ඔවුන් සවිබල ගැන්වීම හා හොඳම භාවිතයන් ඔවුන් වෙත ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා. විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම ඒ තුළින් තහවුරු කිරීමට අපි කටයුතු කළා. ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින අපගේ සුවහසක් පාරිභෝගියින් වෙත රසයෙන් හා ගුණයෙන් පිරිපුන් නිෂ්පාදනයක් ලබා දීමේ අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටින ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස Connect@Nest’24 සඳහන් කළ හැකියි.’’ යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ කාංචන ප‍්‍රනාන්දු මහතා ‘‘අභියෝගාත්මක කාලයන්හිදී මුහුණ දුන් දුෂ්කරතාවන් ජය ගනිමින් පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් නිෂ්පාදන ලබා දීම සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ කැපවීම සුවිසල් ශක්තියක් වූ බව සඳහන් කළ හැකියි. ඔවුන් අප වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීම වෙනුවෙන් Connect@Nest’24 වැඩසටහන සංවිධානය කිරීමට අපි කටයුතු කළා. ඒ තුළින් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ තෘප්තිය වෙනුවෙන් අපගේ ගමනට සහයෝගය දැක්වීම සඳහා ඔවුන්ගේ උත්සාහය හා කැපවීම අගයනු ලැබුවා’’ යනුවෙන් පවසා සිටින ලදී.
නෙස්ලේ ලංකා සමාගම වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇතග ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතීන් මත නිපදවනු ලබයිගිවර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කිරීමේ’ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගමල ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත.

Video Story