‘කැපිටල් මාර්කට් මාස්ටර්ස්’, සඳහා වන අන්තර් පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ 02 වන කාණ්ඩයේ තරග අනුරාධපුරයේදී නිමාවට පත් වෙයි

    July, 23, 2024

    • ජයග්‍රාහී පළාත් පාසල් කණ්ඩායමට රු. 20,000/-
    • උතුරු පළාතේ යා/ කොකුවිල් හින්දු විද්‍යාලය 02 වන කාණ්ඩයේ තරගයේ සමස්ත ජයග්‍රාහණය ලබාගත් අතර උතුරු පළාතේ ජයග්‍රාහකයා බවට ද පත් විය.
    • පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සහ කු/මලියදේව බාලිකා විද්‍යාලය පිළිවෙලින් උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ පළාත් ශූරතා දිනා ගත්හ.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අධ්‍යාපන අමාත්‍යාශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද 'ප්‍රාග්ධන වෙළඳපොළ මාස්ටර්ස්', අදියර 01 හි අන්තර් පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ ප්‍රශ්ණ විචාරාත්මක 02 වන කාණ්ඩයේ තරඟය, පසුගියදා අනුරාධපුරයේදී සාර්ථකව නිම කරන ලදී. උතුරු පළාතේ, උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ ස්ථාපිත පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ නියෝජනය කරමින් පැවැත්වන ලද මෙම අවස්ථාවට 200කට අධික පිරිසක් සහභාගි වූහ.

    උතුරු පළාතේ යා/කොකුවිල් හින්දු විද්‍යාලය 02 වන කාණ්ඩයේ සමස්ත ජයග්‍රාහකයා ලෙස මෙන්ම උතුරු පළාතේ ජයග්‍රාහකයා බවට ද පත් විය. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සහ කු/මලියදේව බාලිකා විද්‍යාලය පිළිවෙලින් උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ පළාත් ශූරතා හිමිකර ගත්හ.

    මෙම උත්සවයේදී සිසුන් අමතමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ විදේශ සබඳතා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ෂීනා ගුණරත්න මහත්මිය පැවසුවේ, “දැනුවත් ආයෝජකයෙකු නම් ඔහු සවිබල ගැන්වූ ආයෝජකයෙකු බව අපි විශ්වාස කරමු - එනම් මූල්‍ය වෙලඳපොලවල සංකීර්ණතා සැරිසැරීමට, අවස්ථා හඳුනා ගැනීමට සහ අවදානම් ඵලදායි ලෙස අවම කිරීමට හැකි අයෙකි." ඒ අනුව සුරැකුම්පත් වෙළඳපොලේ නියාමකයා ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආයෝජකයින් දැනුවත් කිරීම සහ නිරන්තරයෙන් වෙනස් වන පරිසරයක් තුළ ආරක්ෂා කිරීම සඳහා වගකීම දරයි.”

    “මූල්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් වන අතර, ඉතුරුම්, ආයෝජනවල වැදගත්කම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළේ කාර්යභාරය සහ ප්‍රතිලාභ පිළිබඳව පාසල් දරුවන්ට ඉගැන්වීම ඉතා වැදගත් වේ. කුඩා කල සිටම ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳව දරුවන්ට දැනුවත් කිරීම මගින්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඥානවන්තව ආයෝජනය කිරීමට, මූල්‍ය සංකල්ප කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වැඩි කිරීමට සහ ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට අදාල කුසලතා සහ දැනුම ඔවුන්ට ලබා දෙනු ලබන බව” ඇය වැඩිදුරටත් පැවසුවාය.

    කැපිටල් මාර්කට් මාස්ටර්ස් ප්‍රශ්න විචාරාත්මක තරගය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සංවිධාන ගණනාවක් අනුග්‍රාහකයන් ලෙස එක්වී ඇත.

    • ප්ලැටිනම් අනුග්‍රාහකයන්: බාර්ට්ලට් රෙලිගෙයාර් සුරැකුම්පත් (පුද්ගලික) සමාගම (Bartleet Religare Securities (Pvt) Ltd) සහ ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් (First Capitings PLC)
    • පෝෂණ හවුල්කරු: මැලිබන් මිල්ක් (පුද්ගලික) සමාගම
    • ස්ථාවර සහකරු: ලුමිනෙක්ස් සමාගම (Luminex PLC)

    02 වැනි පළාත් තරගය අවසන් වීමත් සමඟ 03 වන කාණ්ඩය සදහා ප්‍රාග්ධන වෙළෙඳපොළ මාස්ටර් ශූරතාව සඳහා තරග කිරීමට එක්වන මධ්‍යම පළාතේ හොඳම සහ කැපී පෙනෙන පාසල් වෙත දැන් අවධානය යොමු වේ.

    පො/ රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, උතුරු මැද පළාතේ පළාත් ජයග්‍රාහකයන්

    කු/ මලියදේව බාලිකා විද්‍යාලය, වයඹ පළාතේ පළාත් ජයග්‍රාහකයන්

    යා/ කොකුවිල් හින්දු විද්‍යාලය, උතුරු පළාතේ පළාත් ජයග්‍රාහකයන්