වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

    July, 30, 2024

    කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ඇති ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කරමින්, ගෝලීය වශයෙන් තරගකාරී විශේෂිත ආර්ථික කලාපයක් ලෙස කොළඹ වරාය නගරයේ ශක්‍යතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
    ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.