රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය විසින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන්/ව්‍යාපෘති නිර්මාණය හා කළමනාකරණය කිරීම සම්බන්ධව ජාත්‍යන්තර ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමටත් එවැනි වැඩසටහන් හඳුනා ගනිමින් රාජ්‍ය ආයතන සමඟ සහයෝගීව එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනු ලබයි.
එම නියෝජිතායතනය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාම සඳහා ඊට නෛතිකමය වලංගුභාවයක් ලබා දිය යුතු අතරම, අදාළ හවුල්කාරීත්ව ගිවිසුම් සම්බන්ධයෙන් ද නෛතික රාමුවක් සකස් කළ යුතුව තිබේ.
ඒ අනුව එකී කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.