ඩොලරය ක්‍රමයෙන් නැවතත් පහළට

    July, 31, 2024

    අද (31) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.85 ක් හා විකුණුම් මිල රු. 307.17 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතික අගය රු. 302.37 ක් ලෙසින් වාර්තා වී ඇත.

    මේ අනුව පසුගිය සතිය අවසානයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරය ක්‍රමික පසුබෑමක් වාර්තා කර ඇති බව නිරීක්ෂණය වේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 වසරේ ජූලි 26 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.7කින් අතිප්‍රමාණය වී ඇති බවයි.