ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම 2025 මාර්තු මාසයේ දී

    August, 6, 2024

    ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පවත්වා ඇත.

    ඒ අනුව, යෝජිත ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී එකී වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමටත් දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.