ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

    August, 6, 2024

    ෆුට්සාල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40x20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදා ගැනේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත.

    එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පුද්ගලික ආයෝජකයෙකුට භූමිය බදු පදනම මත ලබා දී රජය සතු ක්‍රීඩාංගණ පරිශ්‍ර හා ඉඩම් භාවිත කර ෆුට්සාල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලබයි.

    ඒ අනුව, හඳුනාගනු ලබන රජයේ ඉඩම් හා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයන් තුළ, උපරිම වසර 30ක බදු කාලසීමාවක් සඳහා ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම පිණිස, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගලික ආයෝජකයෙකු තෝරා ගැනීමටත්, එකී ආයෝජකයා මඟින් පාකිස්ථානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා දෙන ලද කෘතිම ෆුට්සාල් පථ 02 ටොරින්ටන් සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදිකිරීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.