August, 7, 2024
2024 අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයත් සමඟම දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත් වී තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 මුල් මාස 07 තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,198,059 කි. එහිදී ජූලි මාසය තුළ 187,810 ක වාර්තාගත සංචාරක පැමිණීමක් වාර්තා වන අතර එය පසුගිය මාස 04 ක කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි මාසය වේ.
මේ අතර අද දෙරණ Business වෙත වාර්තා වන පරිදි 2024 අගෝස්තු මාසයේ මුල් දින 04 තුළ 26,889 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. ඒ අනුව මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,224,948 කි.
වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන මෙම කාලවකවානුව තුළ දී වැඩි වශයෙන් විදෙස් සංචාරකයින් පිරිසක් මෙම ආගමික හා සංස්කෘතික ඉසව්ව කරණ කොට ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර 2018 ජූලි හා අගෝස්තු මාසවල දී මාසික සංචාරක පැමිණීම් දෙලක්ෂයේ සීමාව ඉක්මවා තිබීම ඊට මනාව සාක්ෂි දරයි. පාස්තු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුද වාතාවරණයට පෙර මෙරට සංචාරක කර්මාන්තය සාමාන්‍යකරණය වී තිබූ ආසන්නතම වසර 2018 වසර බැවින් මෙම සන්සන්දනය සිදුකර ඇත.
Video Story