August, 12, 2024
පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරණ තෙක් ගෙවීමට නියමත රැපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ් අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදලද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවන බවයි.
ඉන් පසුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු.2500 දීමනාවට අමතරව මෙම අළුතින් ලබාදෙන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව විශ්‍රාමිකයින්ට ගෙවීමට කටයුතු කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම රුපියල් 3000 ක අමතර දීමනාව ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශයද පූර්ණ ලිඛිත අනුමැතිය ලබාදී ඇති බැවින් , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මේ සඳහා චක්‍රලේඛය නිකුත් යුතු බවයි.
නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයේදී එම දීමනාව ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව විරෝධතාවය ප්‍රකාශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ඔක්තොම්බර් මාසයේදී ඔවුන්ට හිමිවන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව සහ සැප්තැම්බර් මාසයේදී ලැබිය යුතු රුපියල් 3000 හිඟ දීමනාව සමඟ රුපියල් 6000 ක් විශ්‍රාමිකයින්ට ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමග අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.