ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සහයෝගය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ Sunquick වැඩසටහන

    August, 14, 2024

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජය ගැනීමත් සමඟ ක්‍රීඩාවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ Sunquick හි මුලපිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

    කොළඹ, 31/07/2024: ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා කැපවී සිටින ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ බීම සමාගමක් ලෙස Sunquick,  පසුගියදා කාන්තා ආසියානු කුසලාන ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දැක්වීමත් සමඟ ක්‍රීඩාවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ සිය මුලපිරීම වඩාත් ඉස්මතු විය. මෙම ප්‍රයත්නය කාන්තා මලල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා වූ Sunquick හි පුළුල් මෙහෙවරේ කොටසකි.

    ප්‍රධාන අනුග්‍රාහකයකු ලෙස Sunquick, ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා යන ගමනේ වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. මෙම පිටුබලය මගින් ජාතික තලයේ ක්‍රීඩාවල නිරත වීමට තවත් කාන්තාවන් දිරිගැන්වීම සහ සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දස්කම් පිළිබඳව Sunquick හි ඇති විශ්වාසය ඉස්මතු කරයි.

    "පළමුව, 2024 කාන්තා ආසියානු කුසලානයේ විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිටුපසින් සිට මෙම දැවැන්ත ජයග්‍රහණය සමරන්නට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා." යනුවෙන් අලෙවි කළමනාකාරිනී නිර්මලා ප්රේමරත්න මහත්මිය පැවසුවාය.

    "අපි මුලින් ම අනුග්‍රාහකයෙකු ලෙස පැමිණෙන මොහෙතේ, මෙම දක්ෂ කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට වෙනත් කිසිවෙකු නැති බව අපට වැටහුණා. විශේෂයෙන්ම චමරි අතපත්තුගේ පිටියේ වාර්තාගත දස්කම් වගේම ඔවුන්ගේ අතිමහත් හැකියාවන් අපි දුටුවා. ජයග්‍රහණ සහ පරාජයන් අතරතුර වුවද, ඔවුන්ව දිරිගන්වමින් නොසැලී කණ්ඩායම සමඟ අපි සිටි අතර, ඔවුන්ගේ මෑත කාලීන ජයග්‍රහණයේදී ද අප ඔවුන් සමඟ සිටීම ගැන අපට තියෙන්නෙ සුවිශාල ආඩම්බරයක්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා දැක් වූ මෙම සහයෝගය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ක්‍රීඩාවේ පරිවර්තනීය බලය වෙනුවෙන් අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. මෙම ජයග්‍රහණය බොහෝ තරුණියන්ගේ සිහින දල්වාලමින් ඔවුන්ගේ මලල ක්‍රීඩා අභිලාෂයන් නොපසුබස්නා අධිෂ්ඨානයෙන් හඹා යාමට ඔවුන්ව පොළඹවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට සාර්ථක වීමට අවශ්‍ය සම්පත් සහ දිරිගැන්වීම සහතික කරමින් Sunquick අපි ඔවුන්ගේ ක්‍රීඩා අභිලාෂයන් සඳහා සැමවිටම සහාය දක්වීමට සූදානම්. "

    2024 කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩාවල සුවිශේෂී සන්ධිස්ථානයකි. Sunquick අවශ්‍ය සහයෝගය, අත්‍යවශ්‍ය සම්පත් සහ දිරිගැන්වීම් ලබා දුන් අතර, කණ්ඩායම ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර වේදිකාවේ විශිෂ්ටත්වය අත් කරගැනීමට සමත් විය.

    මේ සඳහා Sunquick හි මුලපිරීම මෙම සහයෝගයෙන් ද ඔබ්බට දිවෙයි. Sunquick සමාගම කාන්තා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, පුහුණු පහසුකම් සැපයීම සහ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ මුලපිරීම්වලට සහාය වීම අරමුණු කරගත් විවිධ වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වේ. මෙම පුළුල් ප්‍රවේශය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩාවේ දියුණුවට තිරසර බලපෑමක් සහතික කරන්නට සමත් වෙයි.