August, 15, 2024
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, Plug-in Hybrid තාක්ෂණයෙන් සමන්විත BYD DM-i මාදිලියේ BYD SEALION 6 DM-i මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් විදුලි මෝටර් රථ (EVs) සඳහා වූ BYD ප්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කළ බව සාඩම්බරයෙන් නිවේදනය කළේය.
අංක 447, යුනියන් පෙදෙස කොළඹ 02 හි අති උත්කර්ෂවත් ලෙස පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට BYD Auto Industry Co. Ltd හි මෝටර් රථ අලෙවි අංශයේ (ආසියානු පැසිපික් කලාපය) සාමාන්‍යාධිකාරී Liu Xueliang ඇතුළුව John Keells සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ CG Corp Global කළමනාකාර අධ්යක්ෂ නිර්වානා කුමාර් චෞද්රි යන මහත්වරුන් එක්ව සිටීයේය.
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය කරා රැගෙන යාමට සහාය දැක්වීමේ BYD හි කැපවීම අවධාරණය කරමින් BYD Auto Industry Co. Ltd හි මෝටර් රථ අලෙවි අංශයේ (ආසියානු පැසිපික් කලාපය) සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා පැවසුවේ ‘‘පසුගිය වසර 27 තුළ විවිධ කලාප ආවරණය කරමින් තිරසාර ප්‍රවාහනය සහ යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කරනු ලැබුවා. බැටරි, විදුලි මෝටර, ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති සහ මෝටර් රථ මාදිලිවල chips වැනි තාක්ෂණයන් පිළිබඳ අප සතු ප්‍රවීණත්වය සහ පළපුරුද්ද නව බලශක්ති වාහනවල ගෝලීය ප්‍රමුඛයා බවට පත් වීමට අපට උපකාරී වුනා. මෙම දැනුම හා තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් තිරසාර ප්‍රවාහන කර්මාන්තයක් ගොඩනැගීමට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපිට ඉතා සතුටුයි.’’ යනුවෙනි.
BYD SEALION 6 DM-i, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් plug-in hybrid තාක්ෂණයෙන් යුතු ප්‍රථම මෝටර් රථය වන අතර එමගින් විදුලියෙන් ක්‍රියාකරන BYD හි Dual Motor – Intelligence (DM-i) plug-in hybrid උසස් තාක්ෂණය මැනවින් පෙන්නුම් කරයි. අමතර එන්ජින් පද්ධතියකින් සහාය දක්වන BYD SEALION 6 DM-i සතු අති ප්‍රබල විදුලි මෝටරය සහ විශාල ධාරිතාවයකින් යුතු බැටරිය වෙනත් විදුලි වාහනවලින් BYD SEALION 6 DM-i විශේෂයෙන් කැපී පෙනෙන සාධකයක් ලෙස හැඳින්විය හැකිය.
ඉතා කාර්යක්ෂම එන්ජිම සහ විදුලි hybrid පද්ධතියකින් සමන්විත BYD SEALION 6 DM-i හි powertrain නිර්මාණය කර ඇත්තේ එය 30% කින් සැහැල්ලූ හා කුඩා වන පරිදි වන අතර ඉන් මෝටර් රථයේ කාර්යක්ෂමතාව සහ කාර්යසාධනය වැඩි දියුණු කරයි. මීට අමතරව කිලෝමීටර 1092ක් දක්වා දිගු ධාවන කාලයක් සහිත BYD SEALION 6 DM-i අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි අඟල් 15.6’’ තිරයක් (rotating touchscreen)" head-up display, Ocean Aesthetics Design Concept, Oceanic Crystal ගියරය වැනි අති නවීන විශේෂාංගවලින් ද සමන්විත වෙයි. අංක 186, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 හි පිහිටි සේවා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ පළමු NEV කේන්ද්‍ර කරගත් සේවා ස්ථානය වේ. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම සේවා ස්ථානය නිර්මාණය කර ඇත්තේ John Keells CG Auto වෙතින් මිලදී ගන්නා විදුලි සහ plug-in hybrid මෝටර් රථවලට සේවා සැපයීම සඳහාය. මෙහිදී පාරිභෝගිකයින්ට BYD වෙතින් නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයන්ගෙන් සහාය ලබා ගත හැකි අතර අධි වෝල්ටීයතා අලූත්වැඩියාවන් සහ සේවා සඳහා විශේෂිත මෙවලම් සහ උපකරණවලින් ද මෙය සමන්විත වේ.
තවද මෙම සේවා ස්ථානය මෝටර් රථවල දෝෂ හඳුනා ගැනීමේ පද්ධතිය Vehicle Diagnostic System (VDS), වාහනයක රේඩාර් සංවේදක නිවැරදිව ක්‍රියා කරන බව සහතික කරමින් ඒවා වෙනස් කිරීමට හා සියුම් ලෙස සකස් කිරීමට භාවිතා කරන පද්ධතිය (radar calibration system) සහ බැටරි පරීක්ෂා කිරීමේ උපකරණ ඇතුළු විශේෂිත BYD මෙවලම්වලින් ද 30kW ක ඉක්මනින් charge කිරීමේ පහසුකම් සහිත චාර්ජරයක්, විදුලි මෝටර් රථ charge කිරීමට හා පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති 7kW ක wall චාර්ජරයකින් ද සමන්විත වේ.
මීට අමතරව බැටරියේ උෂ්ණත්වය ප්රශස්තව පවත්වා ගෙන යා හැකි විශේෂ ස්ථානයක්, මෝටර් රථ නඩත්තු සේවා පහසුකම්, vehicle detailing, wheel alignment, brake bleeding, A/C recharging සහ සේදීමේ පහසුකම්වලට අමතරව පාරිසරික ආරක්ෂණ පියවරවලින් ද මෙම සේවා ස්ථානය සමන්විත වේ.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ ”2023 නොවැම්බර් මාසයේදී BYD සමඟ ඇති කර ගත් අපගේ හවුල්කාරිත්වය ජෝන් කීල්ස් සමූහයට මෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවා. මෙම සහයෝගීතාවය තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම සමඟ අනුකූල වන අතර මේ හරහා පරිසරයට හා සමාජයට සුබවාදී හා වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන විකල්ප භාවිත කිරීමට සැලකිය යුතු වෙනසක් රට තුළ ඇති කිරීමට හැකි වනවා. තවද BYD හි උසස් තාක්ෂණයෙන් යුත් නව බලශක්ති වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් අපට අපගේ මෝටර් රථ හා සේවා පරාසය තවත් පුළුල් කිරීමට හැකිවනවා වගේම රටේ පාරිසරික අරමුණු සඳහා සහාය වීමට ද හැකියි.’’
‘‘මීට අමතරව දිවයින පුරා EV charge කිරීමේ පුළුල් ජාලයක් පිහිටුවීම, උසස් තාක්ෂණය හා මෙවලම්වලින් සමන්විත නවීනතම සේවා මධ්‍යස්ථානයක් ගොඩගැනීම ඇතුළුව විශ්වසනීය සැපයුම් දාමයක් පවත්වාගෙන යාමත් සහ මෙම වෙනසට සහාය වීම උදෙසා දක්ෂ කාර්මික ශිල්පීන්ට රැකියා ලබා දීමෙන් නව බලශක්ති වාහන සඳහා ශක්තිමත් යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමටත් අපි කැපවී සිටිනවාx එමෙන්ම මෙම උත්සාහය වඩාත් පරිසර හිතකාමී අනාගතයකට හේතු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වැඩිදියුණු කරනු ඇති බවත් අපි විශ්වාස කරනවාx’’ යනුවෙනි.
මෙම උත්සවය අමතමින් CG Corp Global කළමනාකාර අධ්යක්ෂ නිර්වාන කුමාර චෞද්රි මහතා ‘‘ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය කරා යන ගමනට සහයෝගය දැක්වීමට හැකි වීම පිළිබඳව ක්‍ඨ ක්දරච ඨකදඉ්ක ආඩම්බර වනවා. BYD හි උසස් තාක්ෂණයෙන් යුත් NEVs හඳුන්වාදීම අපගේ පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒවගේම ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික දියුණුව කරා රැගෙන යන නව අදහස් දිරිමත් කිරීමට සහ ඒවාට සහාය දැක්වීමට ද සමාගම කැපවී සිටිනවා.’’ යනුවෙන් සඳහන් කළේය.
