August, 15, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (15) දිනයේ දී දැකගත හැකිවිය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 117.60 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 42.79කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.03% ක හා 1.31% ක වර්ධනයකි.
ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,531.31 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,308.89 ක් ලෙසත් සටහන් වුණි.

සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලින්කෝ හෝල්ඩිංග්ස්, DFCC බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද දින සමාගම් 113ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර සමාගම් 45 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබේ.
රු. මිලියන 776.05 ක ගනුදෙනු පිරිවැටුම්ක අද දිනයේ දී වාර්තා වී තිබුණි.
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගනු ලැබූ අද දිනයේ සිට අපේක්ෂකයින්ගේ මැතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වන අතර එවන් පසුබිමක අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ ඉහළ කාර්යසාධනයක් වාර්තා කිරීම වඩාත් සාධනීය තත්ත්වයක් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
Video Story