ජූලි මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    August, 16, 2024

    2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී  දර්ශකාංක 59.5ක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම  දායක විය.

    සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, 2024 ජූලි  මාසයේ දී, මෙම වසර තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන දර්ශකාංක 71.1ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කළේය.