ජාතික උද්ධමනයේ ලොකු වෙනසක් නැහැ

    August, 21, 2024

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජූනි මාසයේ දී වාර්තා වූ 2.4% සිට 2024 ජූලි මාසයේ දී 2.5% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    කෙසේවෙතත් ආහාර උද්ධමනය 2024 ජූනි මාසයේ දී වාර්තා වූ 1.9% සිට 2024 ජූලි මාසයේ දී 2.9% ක් දක්වා සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    මේ අතර 2024 ජූනි මාසයේ දී 2.7% ක් ලෙසින් වාර්තා වී තිබුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම නවතම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.