මහ බැංකු අධිපතිට ගෝලීය පිළිගැනීමක්

    August, 22, 2024

    ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂික ව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

    මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන බවත්, ලබාගත් මෙම "A" ශ්‍රේණිය මගින් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මානය මගින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ කැපීපෙනෙන කාර්යසාධනය සහ ආර්ථික ස්ථායීතාවය සඳහා ඔහු දැක්වූ කැපවීම අවධාරණය කෙරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් හි ඔක්තෝබර් කලාපයෙන් සහ GFMag.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

     

    The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2024 are:

    Denmark Christian Kettel Thomsen

    India Shaktikanta Das  

    Switzerland Thomas Jordan


    The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2024 are:

    Brazil Roberto Campos Neto

    Chile Rosanna Costa

    Mauritius Harvesh Kumar Seegolam

    Morocco Abdellatif Jouahri

    South Africa Lesetja Kganyago

    Sri Lanka Nandalal Weerasinghe

    Vietnam Nguyen Thi Hong


    The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2024 are:

    Cambodia Chea Serey

    Canada Tiff Macklem

    Costa Rica Roger Madrigal Lopez

    Dominican Republic Héctor Valdez Albizu

    European Union Christine Lagarde

    Guatemala Alvaro Gonzalez Ricci

    Indonesia Perry Warjiyo

    Jamaica Richard Byles

    Jordan Adel Al-Sharkas

    Mongolia Byadran Lkhagvasuren

    Norway Ida Wolden Bache

    Peru Julio Velarde Flores

    Philippines Eli Remolona

    Sweden Erik Thedéen 

    USA Jerome Hayden Powell