Sysco LABS ක්‍රියාවට නංවන ‘Share a Meal, Share a Moment’ ප්‍රජා සත්කාරයේ 13 වැනි අදියර යටතේ ගංවතුර සහනාධාර බෙදාදෙයි

    August, 22, 2024

    Sysco LABS ක්‍රියාවට නංවන ප්‍රධානතම තිරසර ව්‍යාපෘතිය වන ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 13 වැනි අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මේ යටතේ ගාල්ල තවලම ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මලු 350 කට අධික සංඛ්‍යාවක් බෙදාදෙන ලදි.

    2020 වසරේදී ආරම්භ වූ ‘Share a Meal, Share a Moment’ වැඩසටහන යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන 46,000 කට අධික පිරිසකට සෙත සැලසී තිබේ. Sysco LABS හි අරමුණ වන ‘ආහාර බෙදාගැනීම සහ එකිනෙකාගේ යහපත සැලසීම උදෙසා ලෝකය සම්බන්ධ කිරීම’ (Connecting the world to share food and care for one another) යන්න පාදක කරගෙන ‘Share a Meal, Share a Moment’ වැඩසටහන නිර්මාණය වී ඇත.