මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්

    August, 26, 2024

    සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 වසරේ දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට සියළුම සේවායෝජකයින් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඒ අනුව 2023 දෙවන අර්ධ වාර්ෂය සඳහා වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජකයා වෙතින් අදම ලබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දී සිටී.