August, 27, 2024
East West Properties PLC, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පසුගිය ජූලි 29 දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ එම සමාගමේ සුළු පරිමාණ කොටස් හිමියන්ගේ කොටස්, යළි මිල දී ගැනීමට සමාගමේ විශාලතම කොටස් හිමියා වන නහිල් විජේසූරිය මහතා කටයුතු කරනු ලබන බවයි. ඒ එක් කොටසක් රු. 16.00 බැගිනි.
කෙසේවෙතත් ඊයේ (26) දිනයේ දී East West Properties හි අධ්යක්ෂ අනිකා විජේසූරිය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින්, කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ එම තීරණය හකුළා ගත් බව සඳහන් කරයි.
East West Properties PLC කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ පූර්ව නිවේදනය මත, එහි කොටස් ගනුදෙනු ජූලි 30 දින සිට අත්හිටුවනු ලැබීය. කෙසේවෙතත් නව තීරණය කරණ කොට ගනිමින් අද (27) පෙරවරුවේ සිට එම සමාගමේ කොටස් ගනුදෙනු යළි ආරම්භ කීරීමට පියවර ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

East West Properties PLC හි විධායක සභාපතිවරයා වන නහිල් විජේසූරිය මහතා සමාගමේ විශාලතම කොටස් හිමියා වේ. East West Properties PLC හි කොටස් ප්රාග්ධනයෙන් 36.99% කට ඔහු හිමිකම් කියනු ලබන අතර ඔහු ද ඇතුළුව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් සමාගමේ කොටස් ප්රාග්ධනයෙන් 83%කට වඩා වැඩි ප්රමාණයකට හිමිකම් කියනු ඇත.
