EDEX Mid-Year Expo 2024 සැප්තැම්බර් 6 සිට 8 දක්වා BMICH හිදී

    August, 28, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සහ අධ්‍යාපණික සල්පිල වන EDEX, මේ වසරේ දෙවන වරටත් EDEX Mid-Year Expo 2024  නමින් අර්ධ වාර්ෂික පදනමින් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සැප්තැම්බර් 6 සිට 8 දා දක්වා පැවැත්වෙන බව EDEX සංවිධායක මඩුල්ල නිවේදනය කරයි.

    මීට පෙර වසරේ මුල් කාර්තුවේ පැවති EDEX Expo හි සාර්ථකත්වය පදනම් කරගෙන, මෙම  EDEX Mid-Year Expo 2024, අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සංවිධානය කර ඇති බව ඔවුහු පවසති. වසර 20 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා ලබා දීමේ මාහැගි කරතව්‍යයක් ඉටු කරන  EDEX ප්‍රදර්ශනය සදහා , මෙවරත්  තරුණ පරපුරේ අධ්‍යාපන සහ වෘත්තීය අපේක්ෂා ඉටු කරන විශාල ප්‍රදර්ශන කුටීන් සහ විශේෂාංග රැසක් එක් කර ඇත.

    ඒ අනුව මෙම  EDEX Mid-Year Expo 2024, 150 කට අධික අධ්‍යාපන කුටීන් සහ 25 කට අධික රැකියා කුටීන් වලින් සමන්විත වේ. මෙහිදී ප්‍රමුඛතම තෘතීයික අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ පුද්ගලික සමාගම් රැසක්ද සහභාගීත්මය චහවුරු කර ඇත. ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, මැලේසියාව සහ ජර්මනිය වැනි රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර අධ්‍යාපන කුටීන් ද මෙම ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය වනු ඇත.

    EDEX සභාපති මහින්ද ගලගෙදර මහතා පවසා සිටියේ, "ලන්ඩන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කළ තරුණ තරුණියන් සඳහා, අEDEX Mid-Year Expo 2024 උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව අවස්ථා සොයා ගැනීමට කදිම අවස්ථාවක් වන බවයි. මෙම අවස්ථාව නිවැරදිව භාවිතා කරමින්, ඔවුන්ට නිවැරදි අධ්‍යාපන සහ වෘත්තීය තීරණ ගත හැක."

    මෙවර ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස CINEC Campus, Australian College of Business and Technology, UTS College Sri Lanka, Asia Pacific Institute of Information Technology (APIIT), Universal College Lanka (UCL), සහ MOGO Media Academy එක්ව ඇත. රන් අනුග්‍රාහකයන් ලෙස Informatics Institute of Technology (IIT), Colombo Bartender & Barista School, සහ ILTS Overseas Education (Pvt) Ltd, EDEX ප්‍රදර්ශනය සඳහා ඉතා වැදගත් සහයෝගයක් ලබා දී ඇත.

    EDEX Mid-Year Expo 2024 සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, ක්‍රීඩා සහ යෞවන කටයුතු, කම්කරු සහ විදේශ රැකියා, පරිසරය යන අමාත්‍යාංශ ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ඇති අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ ශ්‍රී ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනය (EFC) වැනි උපායමාර්ගික හවුල්කරුවන්ගේ සහයෝගයද EDEX Mid-Year Expo 2024 සඳහා ලබා දී ඇත.

    මෙවර ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය ප්‍රමුඛ පෙළේ සමාගම් සදහා  අන්තර්ජාලයේ සම්මුඛ පරීක්ෂණ සහ ක්ෂණික රැකියා බඳවා ගැනීම් පිරිනැමීම සඳහා රැකියා ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.. EDEX Careers මගින්, සිසුන්ට සහ රැකියා සොයන්නන්ට ඔවුන්ගේ පරමාදර්ශී වෘත්තීය මාර්ග සොයා ගැනීම සඳහා මනෝමිතික පරීක්ෂණයක් ලබා දෙනු ඇත.

    එළඹෙන සැප්තැම්බර් 6 දින, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැණඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන්, EDEX Mid-Year Expo 2024 ප්‍රදර්ශනය විවෘත කෙරේ.

    මෙම ප්‍රදර්ශනය මහජනතාවට පෙරවරු 10 සිට සවස 6 දක්වා නොමිලේ විවෘත වන අතර, වැඩි විස්තර සඳහා www.edex.lk වෙබ් අඩවියට පිවිසීමට හෝ EDEX ලේකම් කාර්යාලය අමතන ලෙස සහභාගිවන්නන්ට දැනුම් දෙයි.