August, 29, 2024
LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නියමිත බව වාර්තා වේ.
මේ බව සඳහන් කරමින් LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් දැනුම් දී සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විට හිමව ඇති බවයි.
ඒ අනුව මූලික අදියරේ දී එකක් රු. 14.50 බැගින් වූ කොටස් 1,103,448,300 ක් නිකුත් කිරීමට පියවර ගැනෙන අතර රු. 14.50 බැගින් වූ කොටස් 275,862,100 ක් තවදුරටත් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
2024 සැප්තැම්බර් 10 වන දින මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කිරීමට නියමිතය.
ඊයේ (28) විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අනුබද්ධිත සමාගමකි.