යුරෝපාකරයෙන් එන සංචාරකයින්ගේ වැඩිවීමක්

    August, 30, 2024

    2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී 143,622 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දේ.

    ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,341,681ක් ලෙසයි.

    මෙම මාසයේ පළමු දින 25 තුළ දී පැමිණ ඇති සංචාරකයින්ගෙන් 19.5% ක්ම ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 27,999ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 15,918ක්, චීනයෙන් 10,068ක් සහ ජර්මනියෙන් 9,162ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    විශේෂයෙක්ම එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය වැනි යුරෝපා රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් මෙම වකවානුව තුළ දී නිරීක්ෂණය කළ හැකිය.