කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

    August, 30, 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.5% ක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබේ.

    එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති සියයට 1.5 සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.8ක් දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති සියයට 2.8 මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.4ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇත.